එන්න අපි ජීවිතය ජය ගමු !!
ඔබට ඔබ ගැන අලුතින් හිතන්න යමක්..
ඔබේ ජීවිතය දැන් තිබෙන තැනින් ඔසවා තබන්න යමක් ඔබට ඉදිරිපත් කරන්න මගේ පල්වෙනි බ්ලොග් පෝස්ට් එක විදියට අද මම සූදානම්...
මම මේ විදියට පුංචි කතාවකින්ම පටන් ගන්නම්..
ඔන්න එක ගමක ගොවියෙක් හිටියා.මේ ගොවියාට හිටියා වයසක බූරුවෙක්.මේ බූරුවා තමන්ගෙ ජීවත කාලෙම මේ ගොවියාගේ වැඩවලට උදව් කලා.දවසක් මේ බූරුවව ගොවිපලේ තිබුන පාලු ළිඳකට වැටුනා.ගොවියා හිතුව වයසක බූරුවගෙන් ප්රයෝජනයක් තව දුරටත් නැති නිසා බුරුවා ඉද්දිම ළිඳට පස් දාලා වහන්න.ඉතින් දැන් බූරුව ළිදේ ඉද්දිම ගොවියා පස් දානවා.බූරුවා කල්පනා කරලා ගොවියා පස් දානකොට ඇගට වැටෙන පස් ගසලා දානවා.මෙහෙම ගොවියා දාන පස් හැම වතාවෙම ගසලා දාලා බූරුවා ඒ පස් ගොඩ උඩට නගිනවා.කොච්චර මහන්සි උනත් මේ බූරුවා මේ වැඩේ අත් හැරියෙ නෑ.ඉතින් අන්තිමට පස් උඩටම පිරුනම බූරුව ළිදෙන් ගොඩට ආවා.
ටිකක් හිතන්න බූරුවා කිසිම දෙයක් නොහිතා වලේ වැටුන එක ගැනම හිත හිත දුක් වෙවී හිටියා නම් බූරුවට මොකද වෙන්නේ??
ඒ වගේම ටික වෙලාවකින් බූරුවා උත්සහය අත් හැරියා නම් මොකද වෙන්නේ??
අපේ ජිවිතයට නොයෙක් දුක් කරදර බාදා ඇති වෙන්න පුලුවන්. ඒත් අපි කිසි විටෙකත් උත්සාහ නොකර කිසි දෙයක් අත් හරින්න හොඳ නැහැ.අලුත් විදියකට හිතලා එන සෑම බධාවක්ම අපි මල් මාවතක් කර ගන්න උත්සාහ කරන්න ඕනෙ.
ඉතින් හිතලා බලන්න ඔබට මොනවද තියෙන අඩුපාඩු.. ඔබට වඩා දුක් විදින කී දෙනෙක් තව මේ ලෝකේ ඇතිද... ඔබට ඔබවම එපා වුන අවස්ථා කොච්චර තිබුනද.. ඔබට ජීවිතය නැති කර ගන්න පවා හිතුන අවස්ථා තියෙන්න ඇති.. අද ඔබ මේ විදියට මේ ලිපිය කියවන්නේ ඒ වගේ අවස්ථා සාර්ථක ලෙස පසු කරන් ආව නිසා.. ඔබ අසාර්ථක නැහැ. අවාසනාවන්ත නැහැ. ඔබ තුල සිටින දක්ශයාව සොයා ගන්න. ඔබ කරන්න කැමති දේ තෝරා ගන්න. ඔබ දැනට කරන දේට ආදරේ කරන්න.. අනිත් අයට ආදරේ කරන්න කලින් ඔබ ඔබටම ආදරේ කරන්න පටන් ගන්න.. ඔබට මතකද සතුට බෙදන පෝලියානා.. ඔබ සමහරවිට ඒ පොත කියවලා ඇති.. පෝලියානා වගේ ඔබත් ජීවිතයේ හැම දෙයකම සතුටු වෙන්න පුලුවන් හේතුව හොයා ගන්න.. මේ ජීව්තය ඒ තරම් ලේසි නෑ කියල ඔබට හිතෙනව ඇති දැන්. ඇත්ත. ඒත් කල නොහැක්කක් නැති බව මතක තියා ගන්න... ඔබ අහල තියෙනවද කතාවක් "ඔබ දුප්පතෙක් සේ ඉපදුන එක ඔබේ වරදක් නෙමෙයි, ඒත් ඔබ දුප්පතෙක් විදියටම මැරෙනවා නම් ඒක ඔබේ වරදක්" කියලා. හැම වෙලාවෙම ධනාත්මක විදියට ලෝකය දිහා බලන්න..
ඉතින් ජීවිතය දිහා ධනාත්මක විදියට බලන්න අද ඉදලා පටන් ගමු.ඔබට එකවරම හැමදේම දිනා ගන්න බැරි වේවි.ඔබ අසාර්ථක වේවි.ඔබ මානසිකව ඇද වැටේවි.ඔබ හඩාවි.ඒත් ඔබ අවසානයේ සාර්ථක මිනිසෙකු බවට පත් වේවි.අධිෂ්ඨාන කර ගන්න.අද පටන් නැගී සිටින්න.හිතා ගන්න ඔබට කල නොහැක්කක් නැති බව.අපි "මට බෑ" කියන සංකල්පයෙන් මිදිලා "ඔව් මට පුලුවන්" කියන මාවතට ගමන් කරමු.ජීවිතය ජය ගමු.. ඔබට ජය..!!
![]() |

Great work..keep it up
ReplyDeletepatta wedak ! digatama kran yamu
ReplyDeleteSupiri❤️❤️
ReplyDelete😍😍😍😍😍
ReplyDelete😍😍😍😍😍
ReplyDeleteGreat ! ��
ReplyDelete💪💪
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteGreat
ReplyDeleteSuperb sachee💟💟💟
ReplyDelete❤❤
ReplyDelete👍
ReplyDeletewell done....... ;-)
ReplyDeleteKeep it up.great work
ReplyDeleteElama... 👍
ReplyDelete